බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තුත් ඉහළට
- RSL
- September 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Private Bus
- 0 Comments
යහපාලන ආණ්ඩුවේ වත්මන් මුදල් අමාත්‍යවරයා වන පින්සිරි මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් මිල සුත්‍රයට අනුව යමින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තු සහ බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය වී තිබේ.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රි ද සිල්වා මහතා සඳහන් කළේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පාසල් වෑන් රථවල ගමන් කරන සිසුන්ගෙන් අය කරන ගාස්තුව සියයට 05 කින් ඉහල නංවන ලෙසට සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇති බව මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසයි
මේ අතර ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ඉන්ධන මිල වැඩි විම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් ද පැන නැගී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රයන්ජිත් මහතා සඳහන් කළේය.

