
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එමඟින් පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා දැනට පවතින නීතිය යටතේ විසුරුවාහරිනු ලබන පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් පනවන්නැයි සරත් එන්.සිල්වා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණ.
එහෙත් මේ සඳහා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට නීතියෙන් හැකියාවක් නොමැති බව නීති විශාරදයෝ පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීති විශාරදයින් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වන වගන්තිය යටතේ අගවිනිසුරුවරයෙකුට විශ්‍රාම යෑමෙන් පසු නැවත නීතිඥයෙකු ලෙස කටයුතු කිරීම හෝ නඩු පැවරීමේ හැකියාවක් නොමැති බවයි.
ඔහු එසේ පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගෙන් අවසර ලබාගත යුතු වන්නේය.
එසේම ඒකීය රාජ්‍යය විශ්වාස කරනු ලබන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ උත්තරීතත්වයට ගරු කිරීම ප්‍රදර්ශනය කළ යුතු අතර එම නිසා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පශ්චාත් පනත් අධිකරණ විමර්ශන බලය ඉවත් කර තිබෙන බව තහවුරු කොට තිබීමයි.
මෙම නීතිමය රාමු තුළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තම අවශ්‍යතාවයක් ඉටු කරගැනීම වෙනුවෙන් හිටපු මහින්ද රාජපක්ෂ සහ නඩය ගොනාට අන්දවමින් යළි මාධ්‍ය ජවනිකාවක් ඔස්සේ ලාභයක් උපයාගැනීමට සිදුකළ සන්දර්ශනයක් බව පැහැදිලි වේ.
මේ වන විට පරාජිතව කල්ගෙවන ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලය ගෙවනමින් තම පිරිස් වලට මානසික අස්වැසිල්ලක් ලබාදීමට මෙවැනි ජවනිකා සඳහා අනුග්‍රහය දක්වමින් සිටින බවක් වැඩිදුරටත් පෙනීයයි.