කුප්‍රකට සරණ ගුණවර්ධනට ශ්‍රී ලංකා රුපියල් 2000 ක දඩයක්

Spread the love

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ වරදට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හට අධිකරණය විසින් රු.2000ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තාවේ.

එම නඩුව ඉකුත් සතියේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට දඬුවම් නියම කිරීම අද (20) දිනට නියම වී තිබුණි.

අද දිනයේ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින්, වරද පිළිගෙන ඇති සරණ ගුණවර්ධන මහතාට රු.2000ක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 6ක සිරදඬුවම් ලබාදෙන බවට නියෝග කරන ලදී.

RSL

Related Posts