මට සාධාරණය ඉටු වුණේ නැහැ, විකිණුනා පමණයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

Spread the love

දේශපාලන වේදිකාවේ හා විවිධ අවස්ථාවල තමන් තරම් විකිණීමට ලක්වූ ගැහැණියක් තවත් නොමැති බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලිමක් කරමින් ලිපියක් යුද හමුදාපතිවරයාට භාරදිමෙන් පසුව ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කලා.

ප්‍රගීත්ගේ අතුරුදහන් වීම අතුරුදන් නොවීමට මම වග බලා ගන්නවා…..

“මේ 20වෙනිදට ප්‍රගීත් අතුරුදහන් කරලා අවුරුදු 8ක් වෙනවා.අද දින එනම් 2018 ජනවාරි 15වන දින උදේ 10ට වර්තමාන යුද හමුදාපති මහේශ සේනානායක හමුවෙලා ලියුමක් භාර දුන්නා, මේ පරීක්ශණ වලට ඔහුගේ සහය ඉල්ල්ලා ඒ අනූව ඔහු මට අවස්තාවක් ලබා දුන්නා මුනගැහෙන්න. දියහැකි සහයෝගය ලබා දෙන්න හමුදාපතිවරයා පොරොන්දු වුනා.”

“මේ පරික්ෂණ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න වර්තමාන රජය පත් වුනාට පස්සේ මේ ජනාධිපති තුමා පත් වුනාට පස්සේ මේ අය බන්ධනාගාර ගත කරපු එක ගැන එතුමාගේ අප්‍රසාදය අදාල ආයතනවලට පල කිරීම සහ ඒ අයට ඇප ලබාදීම වගේ කාරනාත් මන් හිතන්නේ මේ පරීක්ශන වලට බාදාවක් වූව කියන එකතමා මගේ හැගීම.මන් හිතන්නේ මේ රටේ ගැහැනියක් විදියට, විශාල විදියට අලෙවි කරපු කෙනෙක් නම් ඒ මම තමයි.”

“පහුගිය කාලය පුරා දේශපාලන වේදිකාවේ සහ විවිද අය මාව අලෙවි කලා.හැබැයි ඉතින් ඒක ගැන මම කිසිම වචනයක් කතා කලේ නෑ.ප්‍රගීත් අතුරුදහන් වූ දවසේ මගේ හිතේ එක අරමුනක් තිබුනා. ඒ කවදාහරි සත්‍ය සහ යුක්තිය ඉෂ්ට කරගන්න දා තෙක් ප්‍රගීත්ගේ අතුරුදහන් වීම අතුරුදහන් නොවීමට වග බලා ගන්න.මම දන්නව ඒ නිසා මාව අලෙවි වුනා කියලා.නමුත් මට ඒකෙන් ප්‍රගීත් ජීවත් කරවන්න ශක්තියක් ලැබුනා. හැබැයි මන් ඒක කිසිදිනක විවේචනය කලේ නෑ.ඒ වගේම මන් දන්නවා, මාව ඕනතරම් සල්ලි කලා කියලා.ඒක ගැන නම් කනගාටුවක් තියෙනවා.ඒ මේ ලංකාවේ හැටි.වෙන කෙනෙකුට මේක එක් දෙයක් වෙන්න පුලුවන් ඒගොල්ලෝ සහභාගි වන,නමුත් මට මේක මගේ ජීවිතය.මන් හැමදාමත් මේ ජීවිතයත් එක්ක අරගල කරනවා”

RSL

Related Posts