සම්බන්ධන්ලාගේ දේශපාලන බඩගෝස්තරය සම්බන්ධයෙනි!

Spread the love

Sampandhan

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. එපමණක් නොව, මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතිවාදී පිළ නියෝජනය කරමින් විමල් වීරවංශ ද අදහස් දක්වාලූයේ ය. දෙමළ ජනතාව සම්බන්ධයෙන් අයිතිවාසිකම් ලබා දීම නැවත ජනඝාතක යුද්ධයකට රට තල්ලුවීම වැළැක්වීමට හේතු වෙතැ යි විශ්වාස කරමින් ම සම්බන්ධන්ලා ගැන ද වචනයක් සසසඳහන් කර තැබීම වැදගත්වනු ඇත.

මෙරට දෙමළ සහ සිහළ සියලු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විසින් බලකාමය වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කරන ලද බව ඉතිහාසය සාක්ෂි සපයයි. දෙමළ දේශපාලන පක්ෂ ද තම දේශපාලන බඩගෝස්තරය සොයාගන්නේ එයිනි. තම සාධාරණ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ඉල්ලීම් දිනාගැනීමට ඕනෑම ජන කොටසකට, කණ්ඩායමකට, පක්ෂයකට ශුද්ධ වූ අයිතියක් තිබුණ ද ඒවාට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ඉවතලා බාල ජනප්‍රියත්වය වෙනුවෙන් කරන මෙවැනි ක්‍රියා හෙළා දැකිය යුතු ය.

එක් හෝ තවත් ජාතිවාදයක් අවුස්සන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතු ය.

RSL

Related Posts