
පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ව්‍යාජ ගණන් දක්වමින් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ප්‍රාඩෝ රථ 400 සම්බන්ධයෙන් අලුත් තොරතුරක් වාර්තා වෙයි. මෙකියන ජීප් රථ බදු නොමැතිව නිදහස් කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වුණු අතර එය නොතකා ජීප් රථ 189ක් නිදහස් කර තිබුණි.
මේ රථ නිදහස් කිරීම සම්බන්ධයෙන් පරික්ෂ පැවැත්වීමට කමිටුවක් පත් කර තිබුණත්, එම කමිටුවේ කිසිදු ක්‍රියාකාරිත්වයක් නැති බවත් එහි කටයුතු ඇණ හිට ඇති බවත් වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් රේගු නිලධාරින්ගේ බරපතල කනස්සල්ල පළව තිබන නමුත් මේ පිටුපස වංචාවට ප්‍රකට ප්‍රබල දේශපාලන හස්තයක බලපෑම ඇති බව ද කියැවෙයි!
බදු වැඩි කරනවාට වඩා එහා ගිය කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැති රටක මේ සිදුවීම හරහා පොඩි මිනිසුන්ගෙන් බදු අය කිරීම පමණක් සිදු වන බව පැහැදිලිව ම පෙනී යයි.