ජනතාවගෙන් රු.කෝටි 162 කට අධික මුදලක් වංචා කළ සක්විතට ඇප ලැබෙයි

Spread the love

ගනුදෙනුකරුවන් විසින් සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට‍්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩු තුනක ප‍්‍රධාන විත්තිකරු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ නමැත්තා වසර දහයකට පසු ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

2009 සැප්තැම්බර් මස වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සක්විති රණසිංහ නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සක්විති සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරා තිබිණි.

විත්තිකාර සක්විති රණසිංහ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ, ශෂි මහේන්ද්‍රන් හා ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් රුපියල් ලක්ෂ හයක මුදල් ඇප හා රුපියල් එක්කෝටි දසලක්ෂයක ශරීර ඇපකරුවන් හය දෙනකුගේ ඇප බැඳුම්කර මත විත්තිකරු මුදාහැරීමට නියෝග කළහ.

RSL

Related Posts