මගේ පුතයි, රෝහිතගේ දූලා දෙන්නයි SAITM එකෙන් Doctor ලා වෙන්න යන්නේ… (Video)

Spread the love

තම පුත්‍රයා සහ මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියනියන් ද‍ෙදෙනාම මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ වෛද්‍ය උපාධිය මිලදී ගනිමින් සිටින බවත් ඔවුන් එමගින් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී ජනතාව අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට වූ කරුණු වත්මන් රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුවේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයෙන් පැහැදිලිවන සත්‍ය නම් දැනටමත් මේ රටේ නූගත් කුප්‍රකට ඇමතිවරුන්ගේ මැටි මෝල්ලුන් වූ පාදඩ දරුවන් උගතුන් බවට වන “වෛද්‍ය” ලේබලය අලවා ඉදිරියේදී මේ රටේ ජනතාව තව තවත් ගොනා අන්දවමින්, රටේ කීර්තිනාමයත්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය සහ වෘත්තීය පිළිගැනීම බාල්දුවට ලක්කිරීමත් සඳහාවන පැහැදිලි සැලසුමක් මෙරට පක්ෂ විපක්ෂ දේශපාලුවන් සතුවන බවයි.

මේ තුළින් මේ රටේ දේශපාලුවන් සහ ඔවුන්ගේ පරම්පරාගත දේශපාලනය ඉදිරියට ගෙනයමින් රට සූරාකෑමට පැමිණෙන ඔවුන්ගේ දරුවන්ට ගෞරවාන්විත හොරාකෑමක් වෙනුවෙන් නූගත් ජනතාවගේ ආශිර්වාදය තව තවත් ලැබෙනු ඇත.

RSL

Related Posts