සයිටම් බඳවා ගැනීම් සහ උපාධි පිරීනැමීම් තහනම්! සයිටම් පිළිලය අවසන් කිරීමේ මෙහෙයුම ඇරඹෙයි!

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත කරුණු මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් ආයතනය සඳහා සිසුන් බදවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගු භාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට සහ අපක්ෂපාතීත්ත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයෙකුගේ බලපෑම් සිදුනොවිය යුතු බව රජය විසින් ගෙන ඇති තීරණ වේ.

සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පුර්ණ කර ඇති ශිෂ්‍යයින්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රවේදයක් සකස් කිරීම රජය ගෙන ඇති තවත් තීරණයක් බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

එමෙන්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද නියමිතය.

මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සැලසීමට නියමිත බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

එසේම සයිටම් ගැටලුව විසඳීම සඳහා රජය සහ ඊට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කොට ඉතා ඉක්මනින් මෙම ප්‍රශ්නය අවසන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

RSL

Related Posts