කුමන්ත්‍රණයක් ගැන ඇමැති බදියුදීන්ගෙන් CIDයට පැමිණිල්ලක්

Spread the love

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවත්, ඒ සඳහා තමන් මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට හෝ ඒ සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රකාශයක් කිසිඳු ස්ථානයක තමා ප්‍රකාශ නොකළ බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සහජීවනයෙන් ජීවත්වන මෙරට තුළ මෙවැනි ප්‍රකාශ සිදු කරමින්, තමාද මෙයට සම්බන්ධ කරගනිමින්, ගැටුම් නිර්මාණය කිරීමට වෙර දරන ජාතිවාදී කුමන්ත්‍රණකරුවන් රටට අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා තමා එලෙස මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඇමැතිවරයා මහතා පවසයි.

නිදහසින් පසුව ලංකාවේ විවිධ අවස්ථා තුළ මෙවැනි ජාතිවාදීන් විවිධ ස්වරූප යෙන් කරළියට පැමිණෙන බවත්, වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කෑ ලාංකිකයින්ට මෙවැනි ජාතිවාදීන් නිසා නැවතත් රට තුළ අසමඟියක් ඇති කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

RSL

Related Posts