රිෂාඞ්ගේ පවුලේ අය රු. මිලියන 240 කට ඉඩම් අක්කර 3000 ක ඉඩම් කොල්ල කා ඇති බව ජනාධිපති විමර්ශන වලින් හෙළිවෙයි!

Spread the love

රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

ඔප්පු 68 ක් මගින් එම ඉඩම් මිලදී ගෙන ඇති බව පැවසූ ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ 2011 ඔක්තෝබර් මස සිට වසර දෙකකුත් මාස නවයක් තුළ එම දේපළ මිලදී ගෙන ඇති බවයි.

ඔප්පුවල සඳහන් වී ඇති ගණන් අනුව මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයවී ඇති බව පෙනී ගියත්, මෙම දේපළ මිලදී ගැනීම සඳහා මීට වඩා දෙගුණයක පමණ මුදලක් වැයවී ඇති බව පෙනෙන්නට තිබෙන බව තමාට තොරතුරු ලබාදුන් පාර්ශ්වයන් පැවසූ බවද ඒ මහතා පැවසීය.

රිෂාද් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ බිරිඳ, පියා, මව, සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් මෙම ඉඩම් මිලදී ගෙන ඇති බව සඳහන් කළ ගම්මන්පිල මහතා තවදුරටත් කියා සිටියේ එම ඔප්පු 68 ම මොහොමඞ් ඉක්බාල් නමැති නොතාරිස්වරයකු විසින් කොළඹදී ලියා ඇති බවයි.

RSL

Related Posts