අතිබහුතරය තුන්වේලට බත්කන රටේ ‘සහල් මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ පිළිගනී.. (Video)
- RSL
- August 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mahinda Amaraweera, Rice mafia
- 0 Comments
වත්මන් රජය බලයට පැමිණ වසර තුන හමාරක් ගතවුවද සහල් මිල ඉහළ ගියා හැරෙන්නට කිසිදිනෙක පහළ නොයෑම තුල සහල් මාෆියාවක් සහ සහල් ඒකාධිකාරයක් ක්‍රියාත්මකව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) ජනහමුවක් අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
මෙම ‘සහල් මාෆියාව’ සහ ඒකාධිකාරය බිඳ දැමීමට නොහැකි හෙයින් ඊට විකල්පයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යයංශය “PMB රයිස්” නමින් අඩුමිලට නව සහල් වර්ගයක් වෙළෙඳ පොලට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටී.
මෙරට ප්‍රධාන සහල් නිෂ්පාදකයා මෙන්ම විශාලතම සහල් මෝල් හිමියා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන වන අතර ඒ තුළින් කෘෂිකර්ම අමාත්‍යවරයා නම නොකියා කියනා ‘සහල් මාෆියාව’ පිටුපස සිටින කුප්‍රකට සහල් මාෆියාකරු කවුරුන්ද යන්න පොදු මහජනතාවට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය.

