පුනරුත්පත්තිය ලබා ඇති රට පාවාදුන් දේශද්‍රෝහීන් මාව මරාගෙන කන්න හදනවා..! ඥානසාර හිමියෙන් සංවේදී ප්‍රකාශයක් (වීඩියෝ)

Spread the love

ඉතිහාසයේ රට පාවා දුන් දේශද්‍රෝහීන් නැවත පුනරුත්පත්තිය ලබා තමන්වහන්සේව මරාගෙන කන්න හදන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (25) කියා සිටියහ.

රට අඳුරු භයානක තැනකට නතුව ඇති බවත් පක්‍ෂ, පාට, ජාති, කුල මල ආගම් නොබලා සැවොම එක පෙළට සිට නොගතහොත් රටට අනාගතයක් නැති බවත් උන්වහන්සේ කීහ. 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (25) එම අදහස් පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.

රටට එක න්‍යාය පත‍්‍රයක් සඳහා වන ‘‘දැය එක රොදකට සිව් හෙළේ මහා සමුළුව’’ ලබන මස හත්වැනිදා සවස 2.00 ට මහනුවරදී පැවැත්වීමට අප සංවිධාන කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතයි. ඒ වගේම එම සමුළුව සඳහා එක්වන ලෙස රටවැසි සැමට අප විවෘත ආරාධනාවක් ද එක්කර සිටිනවා.

මිත්‍යාදෘෂ්ටික මතවාද අද රට ගිලගෙන තිබෙනවා. සංස්කෘතික ආක‍්‍රමණයකට රට ලක්වී අවසන්. අද රටේ සිටින්නේ කඩාවැටුණු ජාතියක්. අප රට, ජාතිය ආගම වෙනුවෙන් අපෙන් සිදුවිය යුතු යුතුකම් කරමින් සිටින්නේ. නමුත් දැන් අපට කියන්න වෙලා තිබෙන්නේ ‘නෝ මනි’ ‘‘නෝ මීඩියා’’ සහ ‘‘සනීපත් නැහැ’’ කියලයි.

අපි ඇත්ත කියාගන්න බැරිව වේදනාවෙන් කෑගසමින් සිටින්නේ. මාධ්‍යයේ සහය අපට ලැබිය යුතු මොහොතක් තමයි මේ උදාවී තිබෙන්නේ. පැසිස්ට්වාදී ආචාර්ය මහාචාර්යවරුන්ට ලැබෙන මාධ්‍ය ඉඩකඩ අපි වෙනුවෙනුත් ලබාදෙන්න යැයි ඉල්ලා සිටිනවා.

රට හැම තැනම ප‍්‍රශ්න මතුවෙලා. එයිනුත් මුස්ලිම් අන්තවාදී ප‍්‍රශ්නය ඉතා බරපතළයි. මුස්ලිම් සමාජය වෙනමම රේඛාවක් සළකුණු කර ඉන් එහා සිට කටයුතු කරනවා. අද අති බහුතරයක් ජනතාව දේශපාලනඥයන්ට හූ කියන තැනට පත්වෙලා.

වංචා නොකරන, චෝදනාවක් නැති මන්තී‍්‍රවරුන්ද, ඇමැතිවරුන්ද මේ රටේ සොයා ගැනීම කිසිවකු නොමළ ගෙදරකින් අබ ඇටයක් සොයාගැනීම වගේ වැඩක්. මේ සියලූ දෙනා රට අගාධයකට ඇද දමා තිබෙනවා. ජනතාව තවදුරටත් කුළල් කා ගන්නේ නැතිව මේ අවස්ථාවේ එකට සිටගත යුතුයි.

ඉතිහාසය නැවත ප‍්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. ඉතිහාසයේ රට පාවාදුන් ද්‍රෝහීන් නැවත පුනරුත්පත්තිය ලබලා දැන් ඥානසාර හාමුදුරුවන්ව මරාගෙන කන්න හදනවා. ඇත්තටම අපට මෙහෙම කරන්නේ අපි මොන වරදක් කළාට ද කියලා අහන්න කැමතියි.

ජාතික ව්‍යාපාරය සඳහා කැටයම් අවශ්‍ය නැති බව අප සැමට මතක්කර සිටින්න කැමතියි. සැවොම එක්වී ජාතික නායකත්වයක් බිහිකරගත යුතුයි. රට හමුවේ මෙතරම් අභියෝගයක් තිබියදීත් අපි සැම එකට හිටනොගැනීම විශාල අනතුරක්. ඇත්ත ප‍්‍රශ්නය ‘ෆෝකස්’ නොකිරීම විශාල ගැටලූවක්.

රට තුළ ගොඩනැගෙන තත්ත්වය භයානකයි. න්‍යායපත‍්‍රයක් නැති නිසා හැමෝම අපිට පහර දෙනවා. අපිට වත්කම් නැහැ. සල්ලි නැහැ. ඇත්තටම අපට උදව් උපකාර කරන්නේ ඉතා සිළු පිරිසක්. නඩු කටයුතුවලදී ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා ඒ වෙනුවෙන් නොමිලේ පෙනී සිට විශාල උපකාරයක් අපට කරනවා. 

සල්ලි කියන්නේ මාරම දෙයක්. සල්ලිවලට මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. සල්ලිවලට බොහෝ අය ගෙදරටම ගෙන්න ගන්න මහා බලසම්පන්න බලයක් තිබෙනවා. අපි වෙනුවෙන් මේ වනවිට කෙතරම් පිරිසක් ඉන්නවාද කියලා දැනෙන කොට දැනෙන්නේ කනගාටුවක්.

RSL

Related Posts