ඡන්දෙට සියල්ල සුදානම්! හෙට ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව මෙන්න; ඔබ සුදානම් ද..?

Spread the love

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද(09) උදෑසනආරම්භ කෙරුණු අතර හෙට(10) උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දිනයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් 175,000ක් පමණ යොදවා තිබේ.

හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද උදෑසන 9 ට ආරම්භ කෙරුණා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකෙරන වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අද උදෑසන 11.30පසුවන විටත් පෙට්ටි නිකුත් කිරිමට නොහැකි වී තිබුනු අයුරු දක්නට ලැබුණි.

මැතිවරණ රාජකාරි කටයුතු වල නිරත නිළධාරින් පැවසුවේ ප්‍රමාදයට හේතුව එහි රාජකාරි කටයුතු සිදුකරන නිළධාරින් වෙත නිසි වේලාවට පත්වීම් ලිපි ලබා නොදීමෙන් මෙම තත්ත්වය උද්ගත වු බවයි.

මේ අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කෙරුණ ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ අද උදෑසන 9.30 පමණ වන විටත් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ප්‍රමාද වී තිබුණි.

එහිදී මැතිවරණ රාජකාරිවල නිරත වූ නිලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිළිගනු ලැබුවේ මේ ආකාරයෙන්.

මේ අතර බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් දූපතක පිහිටි මාදුව ඡන්ද කොට්ඨාසයට අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු කෙරුණේ මාදු ඟඟ හරහායි.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන්නේ වසර 41 කට පසුවයි.

ඒ අනුව සභික ධුර සියයට 60ක් කේවල ක්‍රමයට සහ තවත් සියයට 40ක් සමානුපාතික ක්‍රමය යටතේ තොරා ගැනෙයි.

මෙවර මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341 ක ඡන්දය පැවැත්වීමට නියමිතය තිබුණත් අධිකරණයේ නියෝගයක් මත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබේ.

ඒ අනුව දිවයින් පුරා පිහිටි පළාත් පාලන ආයතන 340කට අයත් මහනගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයින් 8328 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතයි.

මෙවර මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 43 ක සහ ස්වාධීන කණ්ඩායම් 222 ක් ක තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,097 ක්.

මෙම මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පැවැති මනාප ක්‍රමයද අහෝසි වන අතර ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ තමන් කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමකට පමණයි.

ඒ අනුව ඡන්දදායකයින්ට තමා කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය ගැසීමෙන් සිය ඡන්දය ලබා දීමට හැකියි.

RSL

Related Posts