මට හංගන්න දෙයක් නැහැ; සියල්ල සාක්ෂි සහිතව කිව්වා- ඇමති රවී කියයි (Video)

Spread the love

අද(02) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා සාක්ෂි ලබා දී ඉන් පිටව ගිය බව වාර්තාවේ.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට කොමිසම හමුවේ සඟවන්න දෙයක් නොමැති බවත්, අපේම රජයක් යටතේ සිදුකරන විමර්ශනයක් සඳහා තමන්ගේ පූර්ණ සහය එදා මෙන් අදත්, හෙටත් ලබාදෙන බවයි.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති රවි කරුණානයක මහතා පවසා ඇත්තේ, සාක්ෂි නැතිව තමන්ට චෝදනා කල සියළු දෙනාට ඉදිරියේදී සාක්ෂි සහිතව සැබෑ වරදකරුවන් කවුරුද යන්න බලාගත හැකිබව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සතුරන්ට වඩා මිතුරන් ඔවුන් කල වැරදි වසා ගැනීමට තමන් පිට නොකල වරදක් පටවන්නට යාම ඉතා පිලිකුල් සහගත බවයි.

RSL

Related Posts