රවීගේ උත්සහය ඵලදරයි! වැසි වැසීම ඇරඹෙයි

Spread the love

විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත ලොව දියුණු රටවල සිදුකරනු ලබන ක්‍රමවේදයන් අනුව යමින් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා සිදුකළ පළමු මෙහෙයුම සාර්ථකව ඵලදරා ඇත.

මේ අනුව මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් අද උදැසන 11ට පමණ ඉහළ අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත වී ඇත.

ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහළ අහසේ වලකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍ය වලාකුළු මත මුදාහැර ඇත.

ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සඳහා ගුවන් මඟින් වලාකුළු මත රසායනික ද්‍රයමය මුදා හැරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශ කර සිටියි.

RSL

Related Posts