Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි
- RSL
- September 24, 2017
- දේශපාලන
- joseph micale, Ravi Karunanayake, United National Party, UNP
- 0 Comments
ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටි අතර ඊට ආරාධනා නොලැබ පැමිණි ජෝසෆ් මයිකල් පෙරේරාට කථාවක් නොදීම හේතුවෙන් ඔහු බලහත්කාරයෙන් වේදිකාවට නැඟ කථා කරන්නට විය. එහෙත් එම අවස්ථාවේ ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීය කොට ඇත. මෙහින් උරණ වූ ජෝසෆ් මයිකල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන හා රවී කරුණානායකට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කොට එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීම මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු පක්ෂයේ ඉහළටත්, යොවුන් පෙරමුණ සහ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමටත් සටනක ආරම්භයක් ලෙස ගමන් කොට ඇත.
එජාපයේ මෙම පක්ෂ අභ්‍යන්තර දෙදරීම හමුවේ කොටස් තුනකට මතවාදීමය බිඳීමක් සිදුව ඇති අතර එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හිටපු අමාත්‍ය රවී කරුණානායක සමඟ කඳවුරු බඳිමින් සිටී. මේ හේතුවෙන් රවී කරුණානායක යටතේ ක්‍රියාත්මක එජාප ප්රතිසංවිධාන කටයුතු සහ ජාතික යොවුන් පෙරමුණ පෙරමුණ බල ගැන්වීමේ කටයුතු දැඩි අභියෝගයකට ලක්වනු ඇතැයි එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

