රවී පොට පටලවා ගනී..

Spread the love

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසමේ චෝදනා හමුවේ තම ඇමතිකමින් ඉල්ලා අස්වූ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ කථාවේදී පොට පටලවාගෙන සිදුකර ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් මේ වන විට අනාවරණය වේ.

එනම් රවී කරුණානායක මහතා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කුප්‍රකට කළු සල්ලි ව්‍යාපාරිකයෙකු ලෙස නම් දැරූ රාජ් රාජරත්නම්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ බව සඳහන් කිරීමයි.

තමා සහ රාජ් රාජරත්නම් අතර තිබූ ව්‍යාපාරික සම්බන්ධ කම් යොදාගනිමින් වසර 10 ක් තිස්සේ තමාට එරෙහිව නඩු ඇසූ බවත්, අවසානයේ තමා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළ සිටියේය.

එයින් ඔහු පොට වරදවා ගත්තේ තමාට එරෙහිව තිබූ නඩුව අවසන් කරගත්තේ කෙසේද යන්න වසන් කිරීමෙනි. වසර 10 ක් තිස්සේ අධිකරණයේ තිබූ එම නඩුව ඔහු වත්මන් යහපාලන රජය බලයට පත්වීමත් සමඟම නීතිපති හරහා ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තාවේ. ඒ අනුව එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස්ව ඇතැයිද වාර්තාවේ.

RSL

Related Posts