නෑ.. නෑ.. මට එයා විශ්වාසයි; එයා එහෙම කරන්නේ නැහැ- අගමැතිගෙන් එජාපයට සහතිකයක්

Spread the love

යම් තීරණාත්මක මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් යටතේ ඇති නීතිය හා සාමය, ආර්ථික සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට පවරා ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එම පක්ෂයේ නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කොට ඇති බවට එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

එජාප මැති ඇමතිවරු පිරිස මෙය 2002 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදුකළ සිදු වීමට ආදේශ කර පෙන්වීමට උත්සහ දරා ඇත.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, කිසිසේත් එවැනි අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත්, ජනාධිපතිතුමා තමාගෙන් නොවිමසා එවැනි දෙයක් නොකරන බවයි. අපේ පාක්ෂිකයින් අතරට එවැනි අවාසි සහගත මතවාද ගෙන ගොස් ආණ්ඩුවේ අස්ථාවරත්වය පෙන්වා තිබෙන ඡන්ද ටිකත් නැති කරගන්නා ලෙසද සඳහන් කොට ඇති වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමාට නොබැණ තමාට පැවරී ඇති රාජකාරී තම ආසනයට ගොස් නිසි ලෙස ඉටුකරමින් මැතිවරණය ජයග්‍රහණය කරවීමට කැපවන ලෙස පවසා අගමැතිවරයා එම පිරිස පිටත් කොට හැර ඇත.

ඒත් සමඟම අගමැතිගෙන් ලකුණු දමා ගැනීමට ගිය ෆුට් නෝට් කල්ලිය ඇතුළු කණ්ඩායම නොකවුට් වී යළි උන් හිටි තැන් බලා පිටත්ව ගොස් ඇත.