ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වන ජන සහභාගීත්වය මේ වන විට ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවට වාර්තාවේ.
මේ හේතුවෙන් මහින්දගේ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු සහ උද්යෝගයද ක්‍රමිකව අහිමි වී යන බව බිම් මට්ටමේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මෙය සමනයට පත්කිරීම වෙනුවෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අලුත් වටයකින් එහි ප්‍රාදේශීය සංවිධායකයින් අතට විශාල මුදල් ප්‍රමාණයක් බෙදා හැර ඇති බවටද වාර්තාවේ. ගම් ආශ්රිත පන්සල්, පල්ලිවල විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, ප්‍රචාරණය සහ පාක්ෂිකයින් අතර බෙදා දීම වෙනුවෙන් මෙම මුදල් යොදවන ලෙසට ඉහළින් උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.