රනිල් අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ..? යළිත් ගෙදර යන්න කල් මරන්න සහය ඉල්ලයි!

Spread the love

මේ වන විට අරලිය මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී සිටිති.

මේ සම්බන්ධයෙන් අප වෙත වාර්තාවන පරිදි මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තම මන්ත්‍රීවරුන්ට අරලිය ගහ මන්දිරයෙන් ලබාදෙන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතින බවට වාර්තාවේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සඟයින් කිහිපදෙනෙකු මන්ත්‍රීවරුන් සමීපයට ගොස් කථා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයේ තව මාස තුනක පමණ කාලයක් රඳවා තබාගැනීමටත් ඒ තුළින් ඔහුට ගෞරවනීය සමුගැනීමක් දිය හැකි බවට ඇවටිලි කරමින් සිටින බවටත් වාර්තාවේ.

අප වෙත වාර්තා වන පරිදි අද(18) ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ජාවේදීද රනිල් වික්‍රමසිංහ තමාට තවත් මාස 03ක් අගමැතිධුරය දැරීමටත් ඒ තුලින් ගෞරවනීය සමුගැනීමක් සිදුකිරීමට හිත හදාගැනීමටත් කාලය ඉල්ලා ඇත. එහෙත් එය ජනාධිපතිවරයා විසින් අනුමත කළ බවක් වාර්තා වන්නේද නැත.

මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයින් තම බහුතර බලය පෙන්වමින්, ඒකාබද්ධ විපක්ෂයේද සහය ඇතිව ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන රජයක් ගොඩනැඟීම වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටිති.

RSL

Related Posts