අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ.

කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට මුලින්ම සලකා බැලීමට සිදු වන්නේ තම පක්‍ෂ ගැන බවත් ඔවුහු පෙන්වා දී තිබේ.

රනිල්ට යළි කිසිදා අගමැති ධුරය නොලැබෙන බව දිනෙන් දින තහවුරු වෙමින් ඇති නිසා යලි සලකා බලමින් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් අවරධාරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේම ආණ්ඩුවේ සිට විපක්ෂයට එක් වූ ඇමතිවරුන් නියමිත මොහොතේදී යළි ආණ්ඩුවට එක්වීමට සුදානම් බවට තහවුරු කර ඇතැයි ද වාර්තාවේ.

RSL

Related Posts