අගමැති රනිල්, අර්ජුන් මහේන්ද්‍රගේ පටි තද කරයි
- RSL
- May 25, 2016
- පුවත් සහ වාර්තා
- featured, news, Prime Minister Ranil Wickramasinghe, reports
- 0 Comments
ඉදිරියේදී දේශීය හා විදේශීය බැඳුම්කර නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව සෑම මාස තුනකට වරක් සවිස්‌තර වාර්තාවක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට නියෝග කර ඇත.
මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර විදේශ සංචිත පිළිබඳවද සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා විසින් නියෝග කර තිබේ.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 148 වැනි වගන්තිය යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වුවද පසුගිය කාලයේ ඇතැම් මූල්‍ය තීරණ ගැනීම්, ණය ගැනීම්, මූල්‍ය ගිවිසුම් අත්සන් කිරීම්වලදී පාර්ලිමේන්තුව දැනුවත් නොකර රහසිගතව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය ලබාදී ඇත.