පුත්තලමේ රංගේ මහ ලේකම්කමින් පුටුවෙන් දොට්ට දමනතුරු අපි එන්නේ නෑ..! කොළඹ එජාප ලොක්කෝ ජනපතිට දන්වති..!

Spread the love

එක්සත් ජාතික පක්ෂය මහා විනාශයකට ඇද දමන ලද එතෙක් මෙතෙක් එම පක්ෂයේ සිටි අසාර්ථකම මහ ලේකම්වරයා වන පුත්තලම දිස්ත්‍රික් පරාජිත මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් එළවා දමනතුරු තමන් සිරිකොත පස් පාගන්නෙ නැති බව කොළඹ එජාප නායකයින් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර් ග ඔස්සේ අපට වාර් තා වේ..

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සංවිධායකයන් රැසක් පුද්ගලිකවම ජනාධිපතිවරයා වෙත මෙම පණිවිඩය ලබා දී ඇති අතර යම් හෙයකින් රඟේ බණ්ඩාර මහ ලේකම් තනතුරේ තබාගෙන ජනාධිපතිවරණ මෙහෙයුම සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන්නේ නම් කිසිදු කදවුරකට සහයෝගය නොදක්වා ජනාධිපතිවරණයේදී නිහඩව සිටීමට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සංවිධායකයන් බහුතරයක් මේ මොහොත වන විටත් තීරණය කර අවසන් බව වැඩිදුරටත් වාර් තා වේ.

දිගින් දිගටම ආසන සංවිධායකවරුන්ට බලපෑම් කරමින් විවිධ පාර්ශව යන්ගේ බලපෑම් මත කොළඹ ආසනවල කටයුතු දියාරු කළ පාලිත රංගේ බණ්ඩාරට ඉතා නුදුරේදීම එජාප මහ ලේකම් තනතුර අහිමිවීමට නියමිත බව මේ අතර සිරිකොත ආරංචි මාර් ග තහවුරු කර ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයට පත්වීමට නියමිත බව සඳහන්.

Related Posts