නොට්ටිගේ පුතා නොවෙයි, YES උගේ පුතා; මෙන්න පුතාගෙම තාත්තා.. (Video)

Spread the love

රජයේ දේපළක්‌ සාපරාධී පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක්‌ සිදු කිරීම, කඩු සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥ පනත යටතේ වරදක්‌ කිරීම යන චෝදනා මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්‌ඩාර නමැති අය මෙම මස 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා පොලිසියට ඊයේ (08) නියෝග කළේය.

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය කොට්‌ටපිටිය මංසන්ධියේදී ජුනි 06 වැනිදා අලුයම යශෝධ රංගේ බණ්‌ඩාර ගමන් ගත් කැබ් රථයක්‌ නිවෙසකට කඩාවැදීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදු විය.

එහිදී තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා රෝහල්ගත කරනු ලැබීය.

එම රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ඒ තුළ කඩු හා විදේශීය මත්පැන් බෝතල් තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඇමැති පුත්‍රයා පරිහරණය කරන ලද වාහනය වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් එකක්‌ බවද හෙළි විණැයි පොලිසිය කියයි.

ඊයේ දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි ආරච්චිකට්‌ටුව පොලිසියේ නිලධාරීන් පසුව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ගොස්‌ මෙම සැකකරු සම්බන්ධව කරුණු අධිකරණයට වාර්තා කළේය.

පසුව රෝහල වෙත මහෙස්‌ත්‍රාත්වරයා සමග ගිය ආරච්චිකට්‌ටුව පොලිසියේ නිලධාරීහු සැකකරුගෙන් කරුණු විමසූහ.

මීට පෙර 2016 වසරේ දී රඔන්ගේ බංඩාරගේ මෙම කුප්‍රකට පුත්‍රයා බීමතින් රිය පදවා 32 හැවිරිදි පුද්ගලයෙකු මරුණුවට පත්කළ අතර එවැනි රිය අනතුරක් කළ මෙම පාදඩ පුද්ගලයාට යළි රිය පැදවීමට රියදුරු බලපත්‍රය ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

එසේම ඊයේ පැවති උත්සවයකදී වත්මන් ආණ්ඩුවේ රංගේ බණ්ඩාර නම් ඇමතිවරයා තම පුතාව රෙදි නැතිව සුද්ද කළ හැටි පහත වීඩියෝවෙන් බලාගත හැක.

RSL

Related Posts