තාජුඩීන් ඝාතනය පිටුපස රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන්!

Spread the love

තාජුඩීන් ‍ඝාතන සිද්ධිය පිටුපස එවක බලය හෙබවූ රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන් තිබෙන බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ප්‍රවීන රගර් ක්‍රීඩක තාජුඩීන් අමානුෂීය ලෙස ඝාතනය කිරීම සඳහා එවක රාජපක්ෂ රෙජීමයේ මරමස්ථානය වූ ජනාධිපති මන්දිරයෙන් එම මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය බවද අනාවරණය වී ඇත.

තාජුඩීන් ‍ඝාතන සිද්ධියට අදාළ කාලයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එවක ජනපති මන්දිරය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට භාවිතා කළ බවට සැකකරන ජංගම දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන පවත්වන බවට රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ටෝස්කි මහතා වෙත රහස් පොලිසියේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගියදා දැනුම් දුන්නේය.

ජනපති මන්දි‍රයේ දුරකථන දත්ත ඇතුළත් මධ්‍යම දත්ත ගබඩාවට අදාළ විශ්ලේෂණ වාර්තා සමඟ මෙම අංකය සම්බන්ධව ඉදිරි විමර්ශන පවත්වන බවට අධිකරණයට කරුණු වාර්තා කර ඇති ‍රහස් පොලිසිය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ජංගම දුරකථන අංක තුනක් (077755950,0718048340,0718591007) භාවිතා කළ බවට සඳහන් කර තිබිණ.

මිට සති තුනකට පෙර මොහු මෙම සිද්ධියට අදාළ කාලයේ භාවිතා කළ බවට සැකකරන ජංගම දුරකථන අංකය පිළිබඳ දත්ත ලබාගෙන විශ්ලේෂණාත්මක විමර්ශනයක් පවත්වන බවට ද අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

මිට අමතරව ඉකුත් 2016/10/14 වන දින මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගත් තාජුඩින්ගේයැයි සැකකරන අස්ථි කොටස් ජාන පරික්ෂාව සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියා කර ඇති බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණි.

පුද්ගලයන් අටදෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධ ගිණුම් වාර්තා ලබා ගැනීමට ක්‍රියාකර ඇති බව සඳහන් කරන රහස් පොලිසිය 2012/05/16 දින 2012/5/17 දක්වා කාලයේ දී මරණකරු වු තාජුඩීන් ණය කාඩ්පත් මගින් සිදු කර ඇති ගනුදෙනු සම්බන්ධ පරික්ෂණයක් සිදුකරන බවට ද අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ණය කාඩ්පත්, බිල්පත්වල තොරතුරු ලබා දෙන ලෙසට බැංකු 15ක කළමණාකරුවන් වෙත අපරාධ නඩු විධාන සංග්‍රහ124 සාක්කි පනත ප්‍රකාරව රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට ද මෙහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කරනු ලැබීය.

තවද 2012 /5/17 අලුයම කොළඹ හැව්ලොක් පෙදෙස ලාෆ් වෙළෙද සලේ සිට නුගේ‍ගොඩ දෙසට ගමන් කළ මරණකරුගේ කාර් රථය ලුහුබැදි කාර් රථය හඳුනා ගැනීමට මොටර්රථ දෙපාර්තමේන්තුවේ වියොස් වර්ගයේ කාර් රථ වාර්තාව හා විමර්ශන පවත්වන බවත් හිටපු ජනපති ආරක්ෂක අංශයේ යුද හමුදා නිලධාරීන් රහස් පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ සටහන් කිරීමේ කාර්ය ‍අඛණ්ඩව සිදු කරන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිතබන්ධනාගාරගත කර සි‍ටින හිටපු ජෙෂඨ නියෝජ්‍ය පොලිස්පති තොල්කමුදලිගේ අනුර සේනානායක මහතා ඊයේ බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර ඔහු තවදුරටත් මේ මස 16 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇප මත සිටින අනෙක් සැකකරු වු නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති අංගොඩගේ දොන් චම්පික සුමිත් පෙරේරා මහතාට ලබන අප්‍රේල් 27 අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

RSL

Related Posts