මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ධනාත්මක අඩිතාලමක් ඉදිරිපත් කර ඇති බවත්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා පුළුල් මානව හිමිකම් න්‍යාය පත්‍රයක සාධනීය තත්ත්වයන් පෙන්නුම් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් මෙම වාර්තාව මහකොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කුමරුට ලබාදී ඇති අතර ඔහු විසින් මෙම වාර්තාව මාර්තු 22 වන දින මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අන්තර් කාලීන වශයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා කැපවීම මන්දගාමී වී ඇති අතර එම ස්ථාවරත්වයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයට ලක්කොට සැබෑ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට ගතවන කාලය සම්බන්ධයෙන් කාල රාමුවක්ද මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා තහවුරු කරනු ලබයි.
2002 – 2011 කාලයේ ශ්‍රී ලංකාව තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවී තිබීමත්, එම තත්ත්වයන් හමුවේ ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ම තහවුරු කරන ලද මෙම වාර්තාව, යම් ඇගයීම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන සමග ශ්‍රී ලංකා රජයේ ද නිර්මාණාත්මක සාකච්ඡා හා ප්‍රතිපත්තිය පැහැදිලි වෙනසක් සලකුණු කරන බව එහි දැක්වෙයි.
අවතැන්වූවන්ගේ ඉඩම් ආපසුදීම, සංහිඳියාව, මෙන්ම නීති ප්‍රතිසංස්කරණ හා අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් දියුණුවක් පවත්නා බව ද මෙම වාර්තාව විසින් පිළිගෙන තිබේ.
ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා මේ අයුරින් ප්‍රශංසනීය සහභාගීත්වයක් දක්නට ලැබෙන බවත්, රජය විසින් පත්කරන ලද උපදේශන කාර්ය සාධක බලකාය යහපත් කටයුත්තක් බවත්, මේ වසරේ ජනවාරි මාසයේ දී ඔවුන් විසින් සාධනීය වාර්තාවක් නිකුත් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.
කෙසේ වෙතත් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව හා කටයුතු සම්බන්ධීකරණයේදී හා ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු ඉක්මන් බවක් නොදක්වා ඇති බව එහි වැඩිදුරටත් කියැවෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවට බොහෝ මාර්ග පවත්නා බව හා ශ්‍රී ලංකාව ඒ කෙරෙහි නැඹුරු වෙමින් පවත්නා බවයි.
එහෙත් නිසි උපායමාර්ග තෝරා නොගතහොත් අසීරුවෙන් දිනා ගත් ජයග්‍රහණයේ ව්‍යාජත්වය ඔප්පු හැකි වෙනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.