එදා කැබිනට්ටුව වත් නොදැන රාජපක්ෂවරු පමණක් දැනගෙන ගැසූ ගිවිසුම් (වීඩියෝ)

Spread the love

පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් යම් කටයුත්තක් ගැන සම්මුතියකට එළඹීම ගිවිසුම ගත වීමක් ලෙස හැඳින්විය හැකිය. පාර්ශව අතර තම තමන්ගේ අදහස් වල එකතුවක් එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් ගතවීම සිදු වෙයි.

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගිවිසුම 1815 උඩරට ගිවිසුමය. එය කෙනෙකුට රට පාවා දීමේ ගිවිසුමක් වන අතර තවකෙකුට රට බේරා ගැනීමේ ගිවිසුමකි. ගිවිසුමක වාසි අවාසි තිබිය හැකිය. එහිදී තමන්ගේ පාර්ශවීය වුවමනාවන් පමණක් මුදුන් පමුණුවා ගත නොහැක. සියලු පාර්ශව වලට උපරිම වාසි සිදුවන සම්මුතියෙන් එය විය යුතුය.

වත්මන් ආණ්ඩුව ද මේ දිනවල ගිවිසුමක් වෙනුවෙන් මහන්සි වෙමින් තිබේ. ඒ සිංගප්පුරු රාජ්‍යය සමඟ නිදහස් වෙළඳාම වෙනුවෙන් වන ගිවිසුමකි. සිංගප්පූරුව ජාත්‍යන්තර වෙළඳපොළේ දැවැන්තයකු වන අතර ඔවුන් හා වෙළද ගිවිසුමකට එළැඹීමේ දී මෙරට වඩාත් වාසිදායක කොන්දේසි සහිතව එය සිදු කිරීම රජයක වගකීම වෙයි.. මස් රාත්තලම අපට ඉල්ලා ගත නොහැකි වූවත් එහි කොටසක් හෝ ලබා ගැනීම වැදගත් වේ. වත්මන් රජය මෙම ගිවිසුමට එළඹෙන්නේ මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යම් ප්‍රතිලාභයක් රටට අත්පත් කර දීම වෙනුවෙනි.. එහි වාසි අවාසි ගැන සාකච්ඡාවට ගැනීම හොඳ දෙයකි. එහෙත් එය සාධනීය සංවාදයක් විය යුතුය.

එහෙත් මේ දිනවල සංවාදයට සම්බන්ධ වී සිටින රාජපක්ෂවරුන්ගේ රඟපෑම ගැන යමක් කිව යුතුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ යහපාලන ආණ්ඩුවේ නිදහස් වෙළද ගිවිසුම් රටට හිතකර විය යුතු බවය…ඒ කතාවේ විවාදයක් නැත.

නමුත් විහිලුව වන්නේ මහින්ද රාජපක්ෂ විසින් මේ කතන්දර කියන විටය. රාජපක්ෂ යුගයේදී ගිවිසුම් ගැහුවේ රටට හිතකර ප්‍රතිපත්තිය අනුව පිහිටා නොවේ. එහි කැතම උදාහරණය ගාලු මුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි කොළඹ වටිනාම ඉඩම සින්නක්කරයටම චීන සමාගමකට විකුණා දැමීමයි. එදා රටේ නිති රීති හෝ නොසලකා මේ තීන්දුව ගන්නා විට රටට හිතකර ප්‍රතිඵලය ගැන මහින්ද රාජපක්ෂ කල්පනා කළේ නැත. කොළඹ වරාය නගරයේ කොටසක් චීනයට සින්නක්කරේටම දෙනවිට රටට හිතකර වනවා දැයි ඔහු කල්පනා කළේ නැත. අසාර්ථක දූෂිත ව්‍යාපෘතියක් වූ හම්බන්තොට වරාය ඉදිකිරීමට චීන සමාගමක් හා ගිවිසුම් ගත වීමේදී රටට හිතකර ද යන ගැන ඔහු කල්පනා කළේ නැත..රාජපක්ෂලා කල්පනා කළේ තමන්ගේ බඩගෝස්තරයට හිතකර වනවාද යන්න පමණය. පසුගියදා නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත මේ හොර ගනුදෙනුවේ ඇත්ත නැත්ත හෙළි කර සිටියේය. තවමත් ඒ ගැන දෙන්න උත්තර නැතිව සිටින රාජපක්ෂලා රටට හිතකර ප්‍රතිපත්ති ගැන කතා කිරීම ලෝක විහිලුවකි.

2007 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව හා ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන විට රටේ ස්වෛරීභාවයට වන හානිය ගැන කල්පනා කළේ නැත. දුෂිත හෙජින් ගිවිසුම ගහන විට රටට සිදුවන පාඩුව ගැන දැන දැනම ගිවිසුම ගැහුවෙය. තම තමන්ගේ ප‍ටු ලාබ ප්‍රයෝජන තකා/ දේශපාලන වාසි තකා රාජපක්ෂලා ගහපු ගිවිසුම් නිසා ඒ වන්දිය ගෙවන්න සිදුව ඇත්තේ අද ජීවත් වන පුරවැසියාටය. රාජපක්ෂලාගේ කුප්ප වැඩ නිසා රට වැටී තිබෙන අගාධයෙන් යළි ගොඩ එන්නට වත්මන් යහපාලන රජය විනිවිද භාවයෙන් යුතුව සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් අද ලෝකය හා ගිවිසුම්ගතව රට හරි පාරේ යවමින් තිබේ. පසුගිය වසර තුනක මහන්සියේ ප්‍රතිඵල අද ලැබෙමින් තිබේ. රාජපක්ෂලාට ඉවසුම් නොදී තිබෙන්නේ එයය. ඒ කෙතරම් ද යත් රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයද අද සම්මුතියක් ගිවිසුමක් නොමැතිවම කඩා ඉහිරෙමින් තිබෙන්නේය.

දැනට මේ ඇති.. සෙස්ස පස්සට..

https://youtu.be/0l_kA6JGsZY

උපුටනය: අයි.ටී.එන්.

ආශ්‍රිත පුවත්: නිදහස් වෙළෙඳ ගිවිසුම්වල කොන්දේසි රටට හිතකර වෙන්න අවශ්‍යයි – හිටපු ජනපති