දුමින්ද හිරෙන් පැනගන්න අලුත් සැලැස්මක (විශේෂ)

Spread the love

භාරත ලක්ෂ්මන් නඩුවෙන් වරදකරු වී මරණ දණ්ඩනයට නියමව සිටින කුප්‍රකට දුමින්ද සිල්වා හිරෙන් පැන ගැනීම සඳහා මේ වන විට අලුත් උපක්‍රමයක් සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ. ඒ දුමින්ද සිල්වා දරුණු ස්නායු ආබාධයකින් පෙළෙන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් ඉදිරිපත් කර යළි මීට පෙර සිදුකළ ආකාරයේ කුප්‍රකට රංගනයක් සිදුකිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තාවේ.

මීට පෙරද දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව රහස් පොලිසිය පවා අනාවරණය කරගෙන එය අධිකරණයටද වාර්තා කර තිබිණ.

එසේම මීට පෙර තවත් අවස්ථාවකදී බන්ධනාගාර වෛද්‍යවරයාගේ සැලසුමක් මත දුමින්දව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමට සැලසුම් කිරීමත් එහිදී යම් මෙහෙයුමක් සිදුකිරීමටත් සූදානම්ව ඇති අතර එය ජනාධිපතිවරයාට සැලවීමත් සමඟ ජනාධිපතිතුමාගේ නියෝගයෙන් එයද වළකනු ලැබීය.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මුදාගැනීමේ මෙම නවතම සැලසුම් සහගත කතාන්දරය නිර්මාණය කොට ඇත්තේ ස්නායු රෝගය බවට වෛද්‍ය නිර්දේශ ගෙන හැර දක්වමින් වන අතර මේ සඳහා කුප්‍රකට වෙබ් සහ මාධ්‍ය ඩීල්කරුවකුද සම්බන්ධ කරගනිමිනි. ඒ වෙනුවෙන් එම කුප්‍රකට වෙබ් මාධ්‍ය ඩීල්කරුවාට විශාල ගෙවීමක්ද සිදුකර ඇති අතර මේ වන විට ඔහු ජනතාව ගොනාට අන්දවා අනුකම්පාවත්, රෝගී තත්වය සාධාරණීකරණය කිරීම සඳහාත් දුමින්දගේ එම ප්‍රවෘත්තිය සමාජජාල ඔස්සේ මුදල්ගෙවා ප්‍රචාරණය කිරීමද සිදුකරයි.

ආශ්‍රිත පුවත්: දුමින්ද – චමින්ද ඇතුළු 5 ක් පැන යන මඟ කොටුවෙයි! (විශේෂ)

ආශ්‍රිත පුවත්: දුමින්ද සිල්වාව බන්ධනාගාරයෙන් මුදාගෙන අතුරුදන් කිරීමේ කුප්‍රකට මෙහෙයුමක්! (Exclusive)

RSL

Related Posts