පොලිස්පති රට වටේ යයි
- RSL
- January 13, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- pujitha jayasundara, Sri Lanka Police
- 0 Comments
පළාත් පාලන මැතිවරණයේදී අපක්ෂපාතීව රාජකාරි කිරීම සහ මැතිවරණ නීති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පළාත් මට්ටමින් පැවැත්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ආරම්භ කර ඇත.
බස්නාහිර සහ උතුරු මැද පළාත්වල රැස්වීම් මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී සියලුම පළාත්වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ රාජකාරි මෙහෙයවන නිලධාරීන් වෙනුවෙන් මෙම රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ නීති රීති පොලිස් නිලධාරීන් රාජකාරි කළ යුතු ආකාරය අපක්ෂපාතිව මැතිවරණ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් මෙහිදී විශේෂ දැනුවත් කිරීම් කරනු ලබයි.
මෙම රැස්වීම් මලාවට එක් එක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම මැතිවරණ පැමිණිලි අංශ භාර නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.

