මෙන්න පූජිත් වැඩ අරඹයි!
- RSL
- April 29, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, PMC, Police, Private Medical College, reports
- 0 Comments
මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳව වන ප්‍රශ්නය ඇත්තේ, තවමත් විසඳුමක් පේනතෙක් මානයක නැති මට්ටමක ය. සිසුන් විවිධ උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගන්නා අතර රජය සිටින්නේ නෑසූ කන් ඇති ව ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා වෙත දිගින් දිගට ම සයිටම් පාලනාධිකාරියට පක්ෂ ව වැඩ කරන බවට චෝදනා එල්ල වෙයි.
කෙසේ වෙතත්, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපතිවරයාට ලිපියක් බාර දීමට ගිය වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පළවා හරිනු ලැබිණ. නව පොලිස්පති පූජිත් ජයසුන්දර පමා වී හෝ වැඩ අල්ලා ඇති බව පෙනී යයි. අපි පූජිත් ගැන ලියා වැඩි දවසක් නැත.
