පිරමීඩාකාර මුදල් ගැරීමේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාමය ලිපියක් පසුගිය දිනෙක අප පළ කළෙමු. එහි ඉතා විද්‍යාත්මක ව පෙන්වා තිබුණේ, විවිධ වෙස් ගෙන සැඟවී ජනතාවගේ තුට්ටු දෙකට තට්ටු කරන පිරමිඩාකාර මූල්‍ය ව්‍යාපාරවලින් කියන කතා කිසිදු පදනමක් නැති හිතලු බව ය. එහි දී ‘ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා’ නම් සමාගම පිළිබඳ ව නමින් ම සඳහන් කරන්නට අප ලේඛකයා කටයුතු කර තිබුණි.
කොල්ලුපිටියේ පිහිටි මෙම ආයතනය 26 වැනිදා දින පිරිසක් වටලා උද්ගෝෂණය කරමින් කියා සිටියේ තමන්ට අදාළ ප්‍රතිලාභ නොලැබුණු බව යි. අප විසින් හෙළිකළ කරුණු ඉතා පැහැදිලිව මේ හරහා තහවුරුවන බව කිව හැකි ය.
කෙසේ වෙතත්, මෙවැනි ආයතන කෙරෙහි ජනතා අවධානය සේ ම වගකිව යුතු ආයතනවල අවධානය ද මෙයට වඩා වැඩි විය යුතු ය.
Loading...