අත්‍යවශ්‍ය ආහාර වර්ග 5ක පාලන මිල තවත් බස්‌සයි
- RSL
- January 30, 2017
- පුවත් සහ වාර්තා
- news, Price reduce, reports
- 0 Comments
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක පැවැති රජයේ උපරිම සිල්ලර මිල තවත් අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.
මේ අනුව පෙරේදා (27 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මයිසූර් පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169 සිට රු. 159 දක්‌වාද, හාල් මැස්‌සන් (තායිලන්ත) සඳහා රු. 495 සිට රු. 490 දක්‌වාද, හාල්මැස්‌සන් (ඩුබායි) සඳහා රු. 410 සිට රු. 405 දක්‌වාද, මුං ඇට සඳහා රු. 220 සිට රු. 205 දක්‌වා ද, සීනි සඳහා රු. 95 සිට රු. 93 දක්‌වා සහ අර්තාපල් සඳහා රු. 120 සිට රු. 115 දක්‌වා ද අඩු කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ගිය වසරේ (2016) ජුලි 14 දින ගැසට් පත්‍රය මගින් නියම කරන ලද පාලන මිල ගණන් මෙසේ තවදුරටත් අඩු කර ඇත.
මේ අනුව මින් ඉදිරියට මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කිරීම තහනම් වෙයි.