ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට අභියෝගයක්!

Spread the love

මෙතෙක් කල් ශ්‍රී ලංකාව සමඟ සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින් ගිය දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇත.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නියෝගයකට අනුවය. එසේ පුරප්පාඩු වූ නිෂා බිෂ්වාල්ගේ තනතුරට විලියම් ට්‍රොඩ් පත්කර ඇති අතර සැමන්තා පවර් වෙනුවට නිකී හැලී පත්කර ඇත.

රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තීන් පැවති ඇමෙරිකානු ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ අරමුණුවලට වඩා බොහෝ වෙනස් ආකාරයක් ගනු ඇති බවට පෙනෙන්නට තිබේ. එම නිසාවෙන් ශ්‍රී ලංකාව කෙරෙහි මෙතෙක් ඇමෙරිකාව ගෙන ගිය ප්‍රතිපත්තීන් සහ ආකල්ප බොහෝ වෙනස් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති. එය බොහෝ ලෙස ශ්‍රී ලංකාවට හිතකර පහසු එකක් වනු ඇත. කෙසේ වෙතත් මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවට අළුතින් සබඳතා ගොඩ නඟා ගැනීමට සිදුවනු ඇතිබවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

RSL

Related Posts