පාන් ඇතුළු බේකරි කෑම මිලත්, බත් පැකට්ටුවක මිලත් ඉහළට

Spread the love

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම විසින් පාන්පිටි කිලෝවක මිල ඉකුත් පළමුවැනිදා සිට වැඩි කිරීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි කෑම වර්ගවල මිල අද සිට ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරති. බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බිත්තර, මාගරින්, අල, ලූණු මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්ද, පේස්ටි්‍ර, පැටිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 1-5ත් අතර ප්‍රමාණයකින්ද පසුගිය 03වනදා සිට මිල ඉහළ නැංවූ බව ඔවුහු පවසති.

මේ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇතැම් ආපනශාලා හිමියෝ ඉකුත් පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි බත් පාර්සලයක / පිඟානක මිල රුපියල් 10කින් ඉහළ නංවා තිබේ. සහල්, මස්, මාළු, බිත්තර පසුගිය කාල සීමාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ යෑම, සේවා ගාස්තු වැඩිවීම, ගෑස් මිල වැඩිවීම යන කරුණු හේතුකරගෙන මෙසේ බත් පිඟානක මිල ඉහළ දැමීමට සිදුවූ බව ඔවුහු සඳහන් කරති.