ජනපති නියමයෙන් බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි

Spread the love

කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස පත් කොට ඇත.

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මෙම සිදු කිරීම සඳහා පසුගිය ජනවාරී 27 වැනිදා මාස තුනක කාලයක් සඳහා මෙම කොමිසම පත් කළ අතර එහි කාලය අදින් අවසන් වීමට නියමිතව තිබිණි.

ඒ අනුව එම කොමිසමට ලබන ජුලි 27 වැනිදා දක්වා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් බලය ලබා දී ඇත.

RSL

Related Posts