සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි

Spread the love

මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක්‌ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක්‌ වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස්‌ අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ නුවරඑළිය “හුට්‌විල්පුර” නව ගම්මානය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් ඊයේ (09 වැනිදා) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවකදීය.

RSL

Related Posts