විල්පත්තුව කැපූ බදුර්දීන් යහතින් සිටියදී, පැළ සිටුවන්න ජනපතිගෙන් ජනතාව ඇරයුම්!

Spread the love

ජාතික රුක් රෝපණ සතියේ දී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටුකිරීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

මවුබිම වසා පවතින තුරු වියන අපේ ඉදිරි අනාගත පැවැත්ම තීරණය කරන ප‍්‍රධාන සාධකය බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුමකර දීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ඇතුළු සමස්ත ජනතාවම මෙවර ජාතික රුක් රෝපණ වැඩසටහන සමඟ අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (17) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

කෙසේ වෙතත් කඩුව වනන විට වැරදි කරන කවුරු වුවත් කැපී යා හැකියැයි කී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස විල්පත්තුවේ සිදුව ඇති මහා ඓතිහාසික වන විනාශය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් කුප්‍රකට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව නොගත් අතර මේ වන විට ජනාධිපතිවරයා රට වටේ පැළ සිටුවන්නට ජනතාවට ඇරයුම් කිරීමම හාස්‍යජනකය.

ඔක්තෝබර් මාසයට යෙදන ජාතික රුක් රෝපණ සතියේ දී දිවයින පුරා පැළ තිස් ලක්ෂයක් සිටුවීමේ පුළුල් ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙන අතර, එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පැළ සිටුවීම එක් දිනකට හෝ සතියකට සීමා නොවිය යුතු අතර සොබාදහමට ආදරය කරන මිනිසුන් ලෙස පුරුද්දක් වශයෙන් එය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කළේය. ජීවිතයේ සෑම විශේෂ කටයුත්තකදී ම පැළයක් සිටුවීමට ජනතාව හුරු කිරීම, පෙම්වතුන්ගේ දිනයේ දී එම යුවළ එක්ව පැළයක් රෝපණය කිරීම ආදි විවිධ වැඩසටහන් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

කඩුව වනන විට වැරදි කරන කවුරු වුවත් කැපී යා හැකියැයි කී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස විල්පත්තුවේ සිදුව ඇති මහා ඓතිහාසික වන විනාශය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් කුප්‍රකට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව නොගත් අතර මේ වන විට ජනාධිපතිවරයා රට වටේ පැළ සිටුවන්නට ජනතාවට ඇරයුම් කිරීමම හාස්‍යජනකය.

RSL

Related Posts