ගොවිජන දුක නිවන්න, රජ දවසින් පසු ඇරඹුණු මහා වික්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි – ජනපති

Spread the love

මේ යුගයේ පමණක්‌ නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්‌. මෙතන ඉන්න මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, කලාකරුවන් මේ ගොවි මව්වරු, පියවරු කාගෙන් හෝ කෙනෙක්‌ ඇසුවොත් ඔබ ජීවිතයේ වඩාත්ම සතුටු වෙන දවස කවදද කියලා. කෙනෙක්‌ කියයි විවාහ වුණු දවස කියලා. තව කෙනෙක්‌ කියයි දරුවෙක්‌ ලැබුණු දවස කියලා. තව කෙනෙක්‌ කියයි රැකියාවක්‌ ලැබුණු දවස කියලා. මගෙන් කෙනෙක්‌ ඇහුවොත් ජනාධිපතිතුමා කවදද වැඩිපුරම සතුටු වුණු දවස කියලා ඔබ හිතනවා ඇති මම කියයි කියලා මම ජනාධිපති වුණු දවස කියලා. නැහැ මම මගේ ජීවිතයේ ඉහළම සතුට ලබපු දවස

මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් වුණු දවස. මේ රටේ ලක්‌ෂ සංඛ්‍යාත දුක්‌විඳින අසරණ ගොවි ජනතාවගේ බඩගින්න නිවන්න, දුක නිවන්න, ඔබේ ආර්ථිකය ගොඩනගන්න. ඔබ ප්‍රාර්ථනා කරන ජාතියේ අනාගතය වගේම ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න, ඔබට යහපත් ආර්ථිකයක්‌ ඇති කරන්න, ඒ ම`ගින් ශක්‌තිමත් ජාතික ආර්ථිකයක්‌ ගොඩනගන්න මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය අද විශාල යුග මෙහෙවරක්‌ ඉටු කරලා තිබෙනවා.
මහවැලි ව්‍යාපාරයේ ඉතිහාසය ගත්තොත් තිහේ දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහත්මයා වැනි වාමාංශික නායකයින් මහවැලිය උතුරට හැරවීම පිළිබඳව කතා කළා. හතළිහේ දශකය වන විට එය තවත් වර්ධනය වී තිබුණා. සෑම ආණ්‌ඩුවකම සාකච්ඡාවට ලක්‌ වුණා.

මහවැලි සංවර්ධන මහ සැලැස්‌ම පිළිබඳව මූලික ශක්‍යතා අධ්‍යයනය සිදුකළේ 1957 වසරේදි. ඒ එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාගේ රජය යටතේ ඇමරිකන් රජයේ ආධාර ඇතිවයි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ නායකත්වය යටතේ මහවැලියේ මුල් පියවර තැබුවා. මහවැලි විෂය භාර පළවෙනි ඇමතිවරයා වුණේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය නියෝජනය කළ සී.පී. ද සිල්වා ඇමතිතුමා. 1969 පෙබරවාරි මාසයේ පොල්ගොල්ල අමුණට මුල්ගල තබලා ඩඩ්ලි සේනානායක මැතිතුමත් සී.පී. ද සිල්වා මැතිතුමත් මහවැලි ජලය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න මුල් පියවර තැබුවා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් මෛත්‍රීපාල සේනානායක මැතිතුමා මහවැලි ඇමතිවරයා විදියට පොල්ගොල්ල වේල්ලේ වැඩ අවසන් කරමින් උතුරු මැද ප්‍රදේශයට ජලය නිකුත් කළා.

77 බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ විශේෂයෙන්ම කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය විදුලිබල නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් මහවැලි සංවර්ධන මහ සැලැස්‌ම ගාමිණී දිසානායක මැතිතුමාට භාර කළ වෙලාවේ කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන ආරම්භ කළා. කොත්මලේ, වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය පංච මහා ජලාශ ඉදි වුණා. ගාමිණි දිසානායක මැතිතුමා මේ රටේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමය විදියට මහවැලි සංවර්ධන ව්‍යාපාරය විදුලි නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, කර්මාන්ත සංවර්ධනය, විවිධ ක්‌ෂේත්‍රවල ආයෝජන යන අංශ ඔස්‌සේ සාර්ථකව විහිදුව කීර්තිමත් නායකයෙක්‌ බවට පත් වුණා. එදා සිට කටයුතු කළ ඒ සියලු දෙනාට අපේ ගෞරවය පුද කළ යුතුයි. ගාමිණී අතුකෝරල, පී. දයාරත්න, ඇමතිවරුන්ගෙන් පස්‌සේ මහවැලි ඇමති ධුරය දැරුවේ මම. මගෙන් පස්‌සේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිතුමාට මෙය හිමි වුණා. නැවතත් ඒ අමාත්‍ය ධුරය මට හිමි වුණා. පසුව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා භාරයට පත් වුණා. මෙසේ පියවරෙන් පියවර, අදියරෙන් අදියර මේ රටේ ජාතික ආර්ථිකය ශක්‌තිමත් කරන යෝධතම මහා සංවර්ධන ව්‍යාපෘතිය බවට පත් වුණා.

එදා කඩිනම් මහවැලියට පංච මහා ජලාශ ඉදිකරන්න රුපියල් කෝටි හත්දහස්‌ ගණනක්‌ වැය වුණා. අද මොරගහකන්ද ක`ථග`ග, මිනිපේ මහ ඇළ, උතුරු මැද මහ ඇළ, ඉහළ ඇළහැර, වයඹ මහ ඇළ, මේ මහ ඇළවල් සම`ග ප්‍රතිසංස්‌කරණය වෙන, ඉදිවෙන වැව් 2400 ක්‌ සඳහා රුපියල් කෝටි 22,000 ක්‌ අපි වැය කරනවා. මේ යුගයේ පමණක්‌ නොවෙයි පෙර රජ දවසින් පසු මේ රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන, ජාතික ආර්ථිකය ශක්‌තිමත් කරන, ගොවි දුක නිවන යෝධතම ඓතිහාසික මහා වික්‍රමය මේ මොරගහකන්ද ක`ථග`ග ව්‍යාපාරය යි කියලා මම කියනවා. මේ සඳහා අපිට චීන රජයෙන් ණය ආධාර හිමි වුණා. රුපියල් කෝටි 23,000 ට ආසන්න මුදලක්‌ මේ සඳහා වැය කරමින් මෙම යෝධ ව්‍යාපෘතියට අතහිත දෙන, අනුග්‍රහය දක්‌වන මුල්‍ය දායකත්වය දෙන රටවල් පිළිබඳව මේ අවස්‌ථාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. චීනය, ඔපෙක්‌ අරමුදල, සවුදි අරමුදල, කුවෙට්‌ අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජපන් රජය ශ්‍රී ලංකා රජය සම`ග මුල්‍ය දායකත්වය දරනවා. මේ දැවැන්ත අනුග්‍රහය අපට ලැබෙන්නේ වර්තමාන රජය බිහිවුණාට පස්‌සේ ඇති කරගත් ජාත්‍යන්තර සහයෝගිතාව නිසයි.

ඇතැම් අය අපෙන් අහනවා අපි මොනවද ආණ්‌ඩුවක්‌ විදියට කෙරුවේ කියලා. මට කියන්න කනගාටුයි. නොකියත් බැහැ. කියලත් බැහැ. පසුගිය සතියේ සිට මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව මාධ්‍ය තුළ ප්‍රචාරය වෙන්න ගත්තට පසුව මේ ව්‍යාපෘතියට උප්පැන්නේ දෙන්න හු`ගක්‌ අය ඉදිරිපත් වෙලා ඉන්නවා. 1994 මේ රටේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක්‌ වූ ආචාර්ය කුලසිංහ මහත්මයා සහ ඉංජිනේරු කණ්‌ඩායම සමග මේ මහා කැලේට මම ඇතුල් වෙන වෙලාවේ ආචාර්ය කුලසිංහයන් සිතියම අරගෙන මෙතනින් වේල්ල හැදෙන්නේ. මෙතන ජලය රැස්‌වෙන්නේ. මේ මොරගහකන්ද. මේ ක`ථ ග`ග, මෙතනින් ක`ථ ග`ග හරස්‌ වෙන්නේ. මෙතනින් වයඹ ඇළ හැදෙන්නේ. මෙතනින් උතුරු මැදින් ගිහිල්ලා උතුරට වතුර යන්නේ. මෙතනින් මේ විදියට ජලය ගලා ගෙන ගිහින් අනුරාධපුර, පොළොන්නරුව එහා පැත්තට ත්‍රිකුණාමලයට ජලය යන්නේ කියලා මේ මහා වනාන්තරයේ ගල් අස්‌සේ රිංග රිංග මේ ඓතිහාසික මහා සංවර්ධන යෝධ වික්‍රමය පිළිබඳව මාව දැනුවත් කරන විට ඔය උප්පැන්න දෙන්න අද කතා කරන කවුරුවත් ඒ අවස්‌ථාව දැකලත් නැහැ. දන්නෙත් නැහැ. |

2007 ජනවාරි මාසේ 25 වෙනිදා මෙහි වැඩ ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්මයත් එක්‌ක මුල්ගල තිබ්බා. වසර 05 ක්‌ ගත වුණා. 2007 පළවෙනි අවුරුද්දේම මේ ව්‍යාපෘතියේ වැඩවලට විදේශ ණය ආධාර ගන්න මම ජපානය එක්‌ක කතා කළා. ඒ සඳහා ජයිකා ඉදිරිපත් වුණා. චීනයේ මුල්‍ය ආයතන එක්‌ක කතා කළා. සල්ලි දෙන්න එක`ග වුණා. සවුදි, කුවෙට්‌ ආයතන එක්‌ක කතා කළා. සල්ලි දෙන්න එක`ග වුණා. ඒ සියලු කඩදාසි මම එදා ආණ්‌ඩුවට ඉදිරිපත් කෙරුවා. පළවෙනි අවුරුදු පහේ අඩු වශයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට වත් මේ ව්‍යාපෘතිය ඇතුළත් කළේ නැහැ. ප්‍රමුඛතාවය තියා විදේශ ණය ආධාර ගන්න ඒ ලේඛනයටවත් ඇතුළ් කළේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේකට උප්පැන්න දෙන්න කතා කරන අයට මම ආරාධනා කරනවා 2007 ඉඳලා 2012 වෙනකන් අවුරුදු 05 ක වාර්තා පු`ථවන්නම් මට පෙන්වන්න කියලා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ව්‍යාපෘතියේ නම වත් සටහන් කළා ද කියලා. මම එදා මේ වෙනුවෙන් කඳු`ථ හලපු මිනිහෙක්‌. 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ එදා මේ වගේ අසාධාරණකම් සිදු වුණු නිසා.

පෙර රජ දවසේ සිට මේ රටේ ආර්ථිකය ශක්‌තිමත් වුණේ කෘෂිකර්මාන්තය නිසා. අද දවසත් හෙට දවසෙත් මේ රටේ අනාගතය ශක්‌තිමත් කරන පදනම වෙන්නේ කෘෂි කර්මාන්තය. අද ලෝකයේ සෑම ආණ්‌ඩුවක්‌ම ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීම ගැන අවධානය යොමු කර තිබෙනවා. මේ රටේ කලින් ආණ්‌ඩුත් ඒ පිළිබඳව කතා කළා. අපේ ආණ්‌ඩුවත් කතා කරනවා. අපේ ආණ්‌ඩුවත් ආයෝජන ගන්නවා. ආයෝජන එක්‌කම එන දූෂණය, වැළැක්‌වීම අද ලෝකයේම අසීරු දෙයක්‌ වෙලා තිබෙනවා. විදේශීය ආයෝජන නිසා දේශපාලනඥයින් දූෂිත වෙනවා. රාජ්‍ය නිලධාරීන් දූෂිත වෙනවා. ඒවාට සම්බන්ධ වන ඇතැම් සිවිල් සාමාන්‍ය ජනතාව දූෂිත වෙනවා. අපේ රටේ වගේම මු`ථ ලෝකයේම මේක බරපතළ ප්‍රශ්නයක්‌. අද හොරකම, දූෂණය ගැන කතා කරන කොට ලෝකයේ ප්‍රබල රටවල්වලටත් ඒක ප්‍රශ්නයක්‌. මම රටවල්වල නම් කියන්නේ නැහැ. නමුත් දූෂණය, වංචාව, නාස්‌තිය නැතිව රටේ සංවර්ධනයට තිබෙන පැහැදිලි පවිත්‍ර මාර්ගය තමයි ජාතික ආර්ථිකය ශක්‌තිමත් කිරීමේ කෘෂිකර්මාන්තය ශක්‌තිමත් කිරීම, ගොවියා ශක්‌තිමත් කිරීම, ගොවියාගේ දහදිය කඳුථ හඳුනාගෙන ඔවුන්ගේ ගැටලුවලට පිළියම් යෙදීම කියලා මම බොහෝම පැහැදිලිව කියනවා.

මේ කෝටි 23,000 කට ආසන්න මුදල වැය කරන විට මෙහි ජලාශ, මහ ඇළවේලි, වැව්, උමං ආදි ඉදි කරද්දි, කොහේ හරි කවුරු හරි නියමිත ප්‍රමිතියෙන් තොරව කොන්ත්‍රාත් කරනවා නම් කොන්ත්‍රාත් කරුවන් පිළිබඳව මට පුද්ගලිකව පැමිණිලි කරන්න කියලා මම සියලු ගොවි නායකයන්ගෙන් ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉදිකිරීම්වලදි දූෂණ වංචා සිදු වෙනවා නම් මට පුද්ගලිකව පැමිණිලි කරන්න. මේ ව්‍යාපෘතිවල දූෂණ වංචා සිදුකළොත් කිසිම දේශපාලනඥයෙකුටවත්, කිසිම රාජ්‍ය නිලධාරියෙකුටවත් කිසිම කොන්ත්‍රාත් සමාගමකටවත් මම කිසිම සමාවක්‌ දෙන්නේ නැහැ. ඒවගේම ඒ අයට දෙන්න තිබෙන ඉහළම දඬුවම මම ලබා දෙනවා. මම ලබන සතියේ සිට මේ පැමිණ සිටින ඔබට වගේම මේ ගොවි බිම් වල ජීවත් වන පළාත් පහක හයක ජනතාවට වගේම මු`ථ රටේ ජනතාවට විශේෂ ඒකකයත් හඳුන්වා දෙනවා. මාධ්‍ය හරහා විශේෂ දුරකථන අංක සමග විශේෂ µeක්‌ස්‌ අංක එක්‌ක මේ ව්‍යාපෘතියේ කොහේ හරි දූෂණ වංචා සිදු වෙනවා නම් වහාම ඒවා දැනුම් දීම සඳහා වෙනම ඒකකයක්‌ ගොවි ජනතාව වෙනුවෙන් විවෘත කරනවා. ඔබට පු`ථවන් ඒ සඳහා තොරතුරු ලබා දෙන්න. ඒ ගැන මම විශේෂෙයන්ම මතක්‌ කරන්න ඕනෑ
.
මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය කැප වීමෙන් ආරම්භ කළා වගේම උසස්‌ ප්‍රමිතියකින්, හොඳ නිර්මාණයකින් ඉදිරියට ශක්‌තිමත්ව ඉදිකිරීම් කටයුතු කරගෙන යැම අවශ්‍යය යි. මේ පිළිබඳව ක්‍රියා කරන සියලුම රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්තුමා, අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා ඇතු`ථ නිලධාරීන් මහවැලි, වාරිමාර්ග, සීසීපී, ආයතන ඇතු`ථ ඊට දායකත්වය දෙන අනික්‌ සියලු අමාත්‍යාංශ, විදුලිබල ඒ වගේම සියලුම ඉංජිනේරුවරු, කාර්මික නිලධාරීන්, තාක්‌ෂණික නිලධාරීන් ඒ සෑම කෙනෙක්‌ම රට වෙනුවෙන් මේ රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් මේ මහා යෝධ ව්‍යාපෘතිය ඉතාමත්ම පවිත්‍රව, දූෂණයෙන් වංචාවෙන් තොරව ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ සෑම කෙනෙක්‌ කෙරෙහිම මම විශ්වාසය තබනවා. ඒ විශ්වාසය කඩන්න එපා කියලා මම ගෞරවනීය ඉල්ලීමක්‌ කරනවා. කෙනෙක්‌ ඒ විශ්වාසය කැඩුවොත් මේ යෝධ ව්‍යාපෘතියෙන් රුපියලක්‌ සොරකම් කළත්a කෝටියක්‌ හොරකම් කළත් එය ජාතියේ ශාපයට ලක්‌ වෙනවා.

ඒ සිය පරම්පරාවේම සාපයට ලක්‌ වෙනවා. පෙර පැරකුම් මහ රජ දවසේ තිබුණු ඒ ආර්ථික ශ්‍රී විභූතිය සමෘද්ධිය ඇති කරන්න සාහිත්‍ය, කලාව, විද්‍යාව, තාක්‌ෂණය ඒ සියල්ලත් සමග ජාතික කෘෂි ආර්ථිකය ශක්‌තිමත් කරමින් අධි තාක්‌ෂණික ලෝකය ජය ගන්න ආදරණීය ගොවි පියවරුනි, මව්වරුනි, ඔබේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන්න, ඔබේ රත්තරන් දරුවන්ට අනාගතයක්‌ දෙන්න, ඔබේ අහිංසක දරුවන්ට තුන්වේල කන්න දෙන්න, දරුවා පාසල් යවන විට පාසලට ගිහිල්ලා උදේ කාලා ආවේ නැහැයි කියලා පාසලේ කලන්තේ හැදෙන්නේ නැති දරුවෙක්‌ ගෙදරින් යවන්න, ලෝකෙට ණය වෙන්නේ නැතිව, පොලී කාරයන්ට ණය වෙන්නේ නැතිව, රටට ණය වෙන්නේ නැතිව, ආණ්‌ඩුවට ණය වෙන්නේ නැතිව ඔ`ථව උස්‌සලා ඉන්න, ආර්ථික සමෘද්ධියෙන් ශක්‌තිමත් ගොවි ජනතාවක්‌ බිහි කරන්න, මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සමග ඔබ වෙනුවෙන් මමත් මගේ ඇමති මණ්‌ඩලයත් අගමැතිතුමා ඇතු`ථ රාජ්‍ය නිලධාරීන් සමග අප සියලු දෙනාම ඔබ වෙනුවෙන් කැපවෙනවයි කියන ප්‍රතිඥාව අද දවසේ ඔබ සියලු දෙනාට දෙනවා.
අද මේ යෝධ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරන්න මේ උත්සව සංවිධානය කරමින් තාක්‌ෂණික අංශවල කටයුතු සාර්ථක කරන්නට කටයුතු කළ ජනාධිපති ලේකම්තුමා ඇතු`ථ ඒ කාර්ය මණ්‌ඩලය, විශේෂයෙන්ම මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්මයා ඇතු`ථ එතුමා සමග කටයුතු කරන කාර්ය මණ්‌ඩල, මහවැලි අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතු`ථ ඒ කාර්යය මණ්‌ඩල, වාරිමාර්ග, සීසීබී, විදුලිබල මේ සියලු ආයතනවල නම් කියන්න කාලය ගන්නේ නැහැ. සියලු ඉංජිනේරුවරුන්, කාර්මික නිලධාරීන්, තාක්‌ෂණික නිලධාරීන්, විදේශීය ඉදිකිරීම් සමාගම්, විදේශීය ආයතන, විදේශීය සම්පත් දායකයින්, තාක්‌ෂණ උපදේශකවරුන් ඒවගේම ලංකාවේ දුර බැහැර පළාත් ගණනාවකින් පැමිණි මගේ ආදරනීය ගොවි මව්වරු, පියවරු ඇතු`ථ පැමිණ සිටින සියලුම ආරාධිතයින්, මැති ඇමතිවරුන් ප්‍රමුඛව ඔබ සියලු දෙනාට මම මගේ ගෞරවනීය ස්‌තූතිය පුද කරනවා. මේ යෝධ ඓතිහාසික මහ යුග මෙහෙවර සාර්ථකව ඉටු කරන්න, ජාතියේ අනාගතය ශක්‌තිමත් කරන්න, සමෘද්ධිමත් රටක්‌ ගොඩන`ගන්න, ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක්‌ විදියට ගොඩනැෙ`ගන්න අධි තාක්‌ෂණයත් සමග හෙට උපදින දරුවන්ට තරගකාරි සමාජයේ ජාත්‍යන්තර ලෝකය ජය ගන්න දොරටු විවෘත කරන්න, ඔබ අප සියලු දෙනා එක්‌වෙමු. සියලු රාජ්‍ය මාධ්‍ය, සියලු රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන, විද්යුත් මුද්‍රිත මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් ඒ සියලු දෙනාටත් මගේ ගෞවනීය ස්‌තූතිය පුද කරනවා. ඔබ සෑම කෙනෙක්‌ම මේ සඳහා දක්‌වන්නාවූ කැපවීම, සහයෝගය පරිත්‍යාගශීලීභාවය, අනුග්‍රහයට ඔබ

සියලු දෙනාටම ජයෙන් ජය. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

බුද්ධශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා වාරිමාර්ග ඇමැති ලෙස දුටු සිහිනය අද සැබෑවක්‌ කරගෙන තියෙනවා. එතුමා මේ රටේ හැමෝටම ආදර්ශමත් නායකයෙක්‌.

මේ මහා වාරි ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳව රජරට ජනතාව පමණක්‌ නොවෙයි වයඹ ජනතාවත් ණය ගැතියි.

මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා – මෑත යුගයේ රට තුළ ක්‍රියාත්මක වන අති සාර්ථකම ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියයි. රටේ වියළී කලාපය තව වසර දෙකක්‌ යන විට මෙමගින් තෙත් භූමියක්‌ බවට පත් වෙනවා. මේ සැලැස්‌ම හරි ලෙස ක්‍රියාත්මක වුවහොත් මුළු රටටම බත සරි කරන්න පුළුවන්. මෙය දැවැන්ත ආර්ථික සාධකයක්‌ මෙන්ම දැවැන්ත පුණ්‍ය කර්මයක්‌. ව්‍යාපෘතිය කෝටි 23,000 ක්‌ වුවත් එහි ප්‍රතිලාභ මිල කළ නොහැකියි.

RSL

Related Posts