කවුරු මොනවා කිව්වත් රටේ ජනතාවගෙන් සියයට 90%ක් මා සමඟයි – ජනපති මෛත්‍රී ජනාධිපතිවරණ සටනට සැරසෙයි!

Spread the love

මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ ඊයේ (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බව ද කියා සිටියේය.

“සබරගමුව ලස්සනයි” වැඩසටහන හඳුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේ දී මෙම උත්සවය පැවැත්විණි.

සබරගමු පළාතත්, සබරගමු ජනතාවත්, ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්ෂේත්‍ර 15ක් ඔස්සේ “සබරගමුව ලස්සනයි” වැඩසටහන හඳුන්වා දී තිබේ.

“සබරගමුව ලස්සනයි” නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය ද සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. “කිතුල – කිතුළ” වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් “සිප් තතු” වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

RSL

Related Posts