රේසින් කාර් එකක් හදන්න ජනපතිගෙන් මිලියන 6ක්!
- RSL
- November 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, University of Moratuwa
- 0 Comments
විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහා මෙය නිර්මාණය කිරීමට නියමිතයි.
විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු මාසයේ දී ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වෙන අතර අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය එය සංවිධානය කරයි.
නව මෝටර් රථයේ නිර්මාණ කටයුතු 2019 අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, පැවති මූල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවයට පත්ව සිටියහ.
නවෝත්පාදනයෙන් ඉදිරියට යමින් දැයේ දරු පරපුරට හෙට ලොව දිනන්නට නිරන්තරයෙන් අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන ජනාධිපතිවරයා සිසුන්ගේ ඉල්ලීම පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කිරීමට පියවර ගෙන තිබේ.


