ජනපති වහාම සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Spread the love

ජනාධිපති මෛතී්‍රපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ.

ඒ හේතුවෙන් සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, ප්‍රජාත්‍රන්තවාදයට මුවා වී පාර්ලිමේන්තුව තුල ගැටුම් ඇති කිරීමට මුල් වූ කථානායක කරූ ජයසූරියට ද මෙම හමුව සඳහා ආරාධනා කර තිබීමද සුවිශේෂීය.

RSL

Related Posts