රුපියල් කෝටි 10,000කට වැඩි මත්කුඩු ටොන් 01 ක් අද ජනපති නියෝගයෙන් සහ නිරීක්ෂණයෙන් අළු වෙයි

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රුපියල් කෝටි 10,000කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ටොන් 01 කට අද (01) කොළඹ සපුගස්කන්දේ පිහිටි විශේෂ අංගණයකදී ගිනි තබා දැමීමට පියවර ගෙන ඇත.

පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මේ මත්ද්‍රව්‍ය කිලෝ 779ක් මෙලෙස විනාශ කරදමන බවත්, එය මාධ්‍යවේදීන් ඉදිරිපිටදී සිදු කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකා අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසීය.

මෙය විනාශනය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවද, ඒ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වන බවද ඒ මහතා සඳහන් කළේය. කොකේන් මත්ද්‍රව්‍ය මෙහිදී දිය කර දමා පුත්තලමට ගෙන ගොස් විශේෂ ස්ථානයකදී ගිනි තබා විනාශ කරන බවද සමන්ත මහතා ප්‍රකාශ කළේය.

RSL

Related Posts