ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)
- RSL
- May 21, 2017
- දේශපාලන
- Maithripala Sirisena, President Maithripala Sirisena, Ranil Wickramasinghe
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ “රීඩ් ශ්‍රී ලංකා” වෙත වාර්තාවේ.
මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ’යි ජනතා අප්‍රසාදයට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකොට ඇති අතර ඒ පිළිබඳව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අයත් ප්‍රබලතම අමාත්‍යධුර වන නීතිය සහ සාමය, මුදල්, විදේශ කටයුතු, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන යන අමාත්‍යධුර වෙනස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති අතර ඊට සමගාමීව ශ්‍රීලනිපයට අයත් ඇමතිධුරද වෙනස් කිරීමට නියමිතය.
කලක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ මෙන්ම පක්ෂයේ ඉල්ලීම වූයේද සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට ඇති අසීමිත බලතල ඉවත්කරන ලෙසත් හැකි විගස කැබිනට් සංශෝධනයක් සිදුකොට ආණ්ඩුව තුල ශ්‍රීලනිපයට ඇති බලය සහ ජනාධිපතිතුමාගේ බලය පෙන්වන ලෙසත්ය.
මේ අනුව මෙම කැබිනට් සංශෝධනය මඟින් ආණ්ඩුව හැසිරවීමේ සහ ගෙනයෑමේ මුලික බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව යළි සනාථ වන අතර එය ජනාධිපතිවරයාගේ පෞරුෂය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවලාද නඟන අයවලුන්ට හොඳ පිළිතුරක් වනු ඇත.