මේ වසරේ ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණ බලාපොරොත්තුවක් පමණයි! මැකෝත් ගණන් හදයි
- RSL
- September 10, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election Commissioner, Mahinda Deshapiya
- 0 Comments
දින නියමයක් නොමැති ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 17 ක් තමන්ට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.
ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ද එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වන බව දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 20 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වෙතැයි තමන් බලාපොරොත්තු තබා ඇති වුවත් අපේක්‍ෂකයන් 15-20 ත් අතර ප‍්‍රමාණයක් තරග වදිතැයි විශ්වාස කරන බවද කීවේය.
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ දින සිට එම ඡුන්ද විමසීමේ දිනය දක්වා දින 63 ක අවම කාලයක් තිබිය යුතු බවත් අද (10 දා) සිට තමන්ට ඒ සඳහා ව්‍යවස්ථාපිත බලය හිමිවන බවද වැඩිදුරටත් කියා සිටියේය.

