කුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ජනපති දැඩිව ක්‍රියාත්මක වෙයි
- RSL
- January 23, 2017
- පුවත් සහ වාර්තා
- Bond scam, Central Bank, Maithripala Sirisena, news, reports
- 0 Comments
වත්මන් යහපාලන රජය යටතේ මහබැංකුවේ සිදුවූ කුප්‍රකට බැදුම්කර වංචාව ගැන සොයා බලා එයට සම්බන්ධවූවන් අධිකරණය හමුවට කැදවීම සදහා ක්‍රියා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත.
අද උදෑසන නීතිපතිවරයා අමතා ඇති ජනාධිපතිවරයා මෙම කොමිසම සකස් වියයුතු ආකාරය හා එහි සංයුතිය පිළිබද නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා නීතිපතිවරයාට අවධාරණය කර ඇත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව මත පදනම් මෙන්ම එකී වාර්තාවන්ට හසුනොවූ තවත් ඉසව් සොයා ගැනීම ජනාධිපති කොමිසමේ කාර්යය වියයුතු බවයි.
මෙහි විමර්ෂණ කටයුතු මාස 03ක් තුල අවසන් කොට අදාල වංචාවට සම්බන්ධ පුද්ගලයින් සදහා අධිකරණ ක්‍රියා මාර්ග ගන්න ලෙස හා එසේ වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා නිශ්චල හා චංචල දේපල රාජසන්තක කිරීමේ හැකියාවද සොයා බලන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.