මීතොටමුල්ලට සහන සැලසීමේදී මුදල් ගැටලූවක් කර නොගන්න- ජනපතිගෙන් උපදෙස්

Spread the love

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබද ගැටලූවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(16) නිලධාරින්ට උපදෙස් දුන්නේය.

විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබද අද (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

අමාත්‍යවරුන් වන අනුර පි්‍රයදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්තී්‍ර එස්. එම් මරික්කාර්, ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ති්‍රවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RSL

Related Posts