ශ්‍රී ලාංකික ජනතාවට ජපාන අගමැති සංවේගය පළ කරයි

Spread the love

මීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනයක් නිකුත් කොට පවසා තිබේ.

මීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් අප්‍රේල් 15 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් එවා ඇත.

මේ වන විට ජීවිත හානි 16 ක් සිදුව ඇති බව ද, බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවද, දේපල හානි සහ අවතැන් වීම් සිදුව ඇති බව ද වාර්තා වී ඇති අතර, මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ජපාන ජනතාව සහ රජය සිය බලවත් කණගාටුව පළ කර සිටී.

විපතට පත් වූ ජනතාවට යළි සිය සාමාන්‍ය ජීවන තත්වය උදාකර ගැනීම සඳහා ජපානයේ පූර්ණ සහය ලබා දෙන බව අබේ අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත. සිද්ධිය පිළිබඳව විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්‍ෂණික කණ්ඩායමක් ඉතා කඩිනමින්ම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන අතර, ඔවුන් විසින් ඉදිරි සැලසුම් සිදු විය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට නියමිතය.

RSL

Related Posts