මැදින් පොහොය දිනය අදයි!
- RSL
- March 22, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, poya day, reports
- 0 Comments
මැදින් පොහොය හෙවත් සිරිපා පොහොය ලෙස විශේෂයෙන් හඳුන්වන පොහොය දිනය අදට යෙදී තිබේ.
සිරිපා පොහොය ලෙස හැඳින්වෙන්නේ මේ කාලයේ වියළි කාලගුණය බැවින් සිරිපාවන්දනාවට බැතිමතුන්ට ඇති පහසුව නිසා ය.
සිද්ධාර්ථ කුමරා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසුව සිය ඥාතීන් සිටි කිඹුල්වත්පුරයට පළමුවරට වැඩම කරනු ලැබුවේ අද වැනි මැදින් පොහොය දිනක බව දැක්වේ. සිදුහත් කුමාර පුත්ර කුඩා රාහුල කුමාරයන් පැවිදි කරනු ලැබුවේ ද මෙවන් පෝය දිනයක බවත්, මව්පිය අවසරයකින් තොර ව දරුවන් මහණ නොකළ යුතු බවට වන විනය නීතිය පනවන ලද්දේ ද මැදින් පොහොය දිනයක බවත් දැක්වේ.
මේ උතුම් පොහොය දිනයේ සැමට කරුණා සිත් වඩන්නට අදිටන් වේවා යි රීඩ් ශ්රී ලංකා අපි පතන්නෙමු.
