එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවෙයි – අගමැති
- RSL
- August 7, 2017
- දේශපාලන
- Prime Minister Ranil Wickramasinghe, Ranil Wickramasinghe, United National Party, UNP
- 0 Comments
එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය.
එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.
අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදු වෑන්වලින් ඉස්‌සුවා. දැන්අ ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්‌ඩුව හොරුන් ආරක්‌ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්‍ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.